Posts

ඉගුරු සදහා පොහොර නිර්දේශය

  වගුව 1- ඉගුරු සදහා පොහොර නිර්දේශය (කි.ග්‍රෑ/හෙක්) කාලය කාබනික පොහොර යූරියා (කි.ග්‍රෑ) TSP (කි.ග්‍රෑ) MOP (කි.ග්‍රෑ) මූලික පොහොර වගාව ආරම්භයේ දී මෙ.ටො.20 – 100 – පළමු යෙදීම – මාස 01 කට පසුව – 82 – 42 දෙවන යෙදීම – මාස 03 කට පසුව – 82 – 42 වගුව 2- අඩි 3 ½ x10 පාත්තියකට යෙදිය යුතු පොහොර (ග්‍රෑම්)ප්‍රමාණය කාලය කාබනික පොහොර යූරියා (කි.ග්‍රෑ) TSP (කි.ග්‍රෑ) MOP (කි.ග්‍රෑ) මූලික පොහොර වගාව ආරම්භයේ දී 10-12kg – 50 – පළමු යෙදීම – සිටුවා දින 45 කට පසුව – 41 – 21 දෙවන යෙදීම – සිටුවා දින 90 කට පසුව – 41 – 21

ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී පොහොර දිරාපත් කිරීම ඉක්මන් කිරීමට කල යුතු දේවල්

  දිරාපත් කිරීම ඉක්මන් කිරීම දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දෑ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ ''මුහුන්'' යෙදීම දිරාපත් වීම ඉක්මන් කරනු ඇත. දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ. ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න. සත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න. සත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙන තට්ටු ලෙස තැන්පත් කරන්න. මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් පොහොර නිපදවීීීීීමේදී  තෙතමනය පවත්වා ගැනීම  පිලිබද විස්තර සමගින් හමුවෙමු

කොම්පෝස්ට් පොහොර නිපදවීීීීීමේදී පොහොර ගොඩ සකසා ගන්නා ආකාරය

  ගොඩ සැකසීම තුන් වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ලෙස තැන්පත් කරන්න. තට්ටු 2 - 3 කට වරක් ''මුහුන්'' ඉසීම සිදු කරන්න. තට්ටු 3 - 4 කට වරක් රොක් පොස්පේට් ඉසීමද සිදු කරන්න. මේ ආකාරයට අමුද්‍රව්‍ය භාවිතා කර අඩි 5 - 5 පමණ උස් වන සේ ගොඩ සකස් කර ගන්න. ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කරන්න. ශාක අමුද්‍රව්‍ය තට්ටු 2-3 කට වරක් සත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යොදන්න. දින 7-8 කින් ගොඩේ උස අඩුවී ඇති බව පෙනේ. මීලග කොටසින්  ගොඩ ක්‍රමය යටතේ  කොම්පෝස්ට්   නිපදවීීීීීමේදී පොහොර  දිරාපත් කිරීම ඉක්මන් කිරීමට කල යුතු දේවල්   පිලිබද විස්තර සමගින් හමුවෙමු

කොම්පෝස්ට් නිපදවීීීීීමේදී තුන් වන තට්ටුව සකසා ගන්නා ආකාරය

  තුන් වන තට්ටුව දෙවන තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කළහොත් තුන්වැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළ හැකිය. දෙවන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කරන්න. රොක් පොස්පේට් සපයා ගත හැකි නම් තුන් වැනි තට්ටුව මතුපිටින් රොක්පොස්පේට් ස්වල්පයක් ඉසීම සිදු කරන්න. මීලග කොටසින්  ගොඩ ක්‍රමය යටතේ  කොම්පෝස්ට්   නිපදවීීීීීමේදී පොහොර ගොඩ  සකසා ගන්නා ආකාරය   පිලිබද විස්තර සමගින් හමුවෙමු

කොම්පෝස්ට් නිපදවීීීීීමේදී දෙවන තට්ටුව සකසා ගන්නා ආකාරය

 2. දෙවන තට්ටුව දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර හෝ දිරාපත් වීමට පහසු ශාක කොටස් තැන්පත් කරන්න. සත්ව පොහොර දෙවන තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2-3 සිට අඟල් 8-9 ක් දක්වා වුවද වෙනස් කර ගත හැකිය. අමුද්‍රව්‍ය සුලභතාවය මත එම සත්ව පොහොර තට්ටුවේ උස වෙනස් කර ගත හැකිය. මෙම තට්ටු දෙකෙහි භාවිතා කල අමුද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කරන්න. නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'') දෙවැනි තට්ටුවේ මතුපිට සෑම ස්ථානයකම ඉසින්න. ග්‍රාමීයව සුළු පරිමාණයේ කොම්පොස්ට් නිපදවීමේදී ''මුහුන්'' ලෙස තම ගෙවත්තේ කුණු ගොඩෙන් ලබා ගත් දිරාපත් වූ කුණු රොඩු පවා භාවිතා කල හැකිය. මීලග කොටසින්  ගොඩ ක්‍රමය යටතේ  කොම්පෝස්ට්   නිපදවීීීීීමේදී  තුන් වන  තට්ටුව සකසා ගන්නා ආකාරය   පිලිබද විස්තර සමගින් හමුවෙමු

කොම්පෝස්ට් පොහොර නිපදවන ආකාරය

 1.  පළමු තට්ටුව  සකසා ගන්නා ආකාරය නිපදවීමට බලාපොරොත්තු වන ගොඩේ ප්‍රමාණයට කෝටුවකින් පොළවේ සැලැස්මක් ඇඳගන්න. අමුද්‍රව්‍ය සුලභතාවය මත ඉදි කරන ගොඩේ ප්‍රමාණය නිර්ණය කර ගන්න. අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම පළල අඩි 5 - 6 හා උපරිම දිග අඩි 14 - 15 ක් ලෙස සලකුණු කර ගන්න. අමුද්‍රව්‍ය සීමාසහිත නම් කුඩා ගොඩවල් සකස් කර ගන්න. කොළ අතු හෝ තණකොළ රොඩු අඟල් 9 - 10 ක පමණ තට්ටුවක් පොළවේ මතුපිට අතුරන්න.(පළමු තට්ටුව) කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙලවරෙන් අඟල් 3-4 ක් පිටතට සිටින සේ තැන්පත් කරන්න. එසේ සිදු කිරීමෙන් පළමු පෙරළීමට ප්‍රථම දඬු එළියට ඇද දැමීමට හැකි වේ. එමගින් දඬුවලින් කොළ එකිනෙක වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එය නිෂ්පාදන වියදම අඩු වීමට හේතු වේ. කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතු වීම වලකා ගත හැකි වේ. මේ හේතුව නිසා පළමු තට්ටුව ලෙස සත්ත්ව පොහොර නොයොදන්න. මීලග කොටසින්  ගොඩ ක්‍රමය යටතේ  කොම්පෝස්ට්   නිපදවීීීීීමේදී දෙවන තට්ටුව සකසා ගන්නා ආකාරය   පිලිබද විස්තර සමගින් හමුවෙමු

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සපයා ගැනීම

  අමුද්‍රව්‍ය සපයා ගැනීම ප්‍රදේශයේ සුලභ කොල වර්ග, තණ කොළ, ජලජ වල් පැලෑටි, බෝග අවශේෂ යනාදිය ප්‍රදේශයේ පහසුවෙන් ලබාගත හැකි ඕනෑම සත්ත්ව අපද්‍රව්‍ය වර්ග නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'' ලෙස) යෙදීම සඳහා (අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට මුහුන් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.) හැකි නම් එප්පාවල රොක් පොස්පේට් පොහොර සපයා ගන්න.( අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට රොක් පොස්පේට් කිලෝ ග්‍රෑම් 50 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.) අමුද්‍රව්‍ය තෙමීම සඳහා ජලය සපයා ගන්න. වැසීමට කලු ඉටි රෙද්දක් හෝ පොලිසැක් බෑග් හෝ වියා ගත් පොල් අතු සලසා ගන්න. මීලග කොටසින්  ගොඩ ක්‍රමය යටතේ  කොම්පෝස්ට්   නිපදවන ආකාරය   පිලිබද විස්තර සමගින් හමුවෙමු