1. පළමු තට්ටුව සකසා ගන්නා ආකාරය
- නිපදවීමට බලාපොරොත්තු වන ගොඩේ ප්‍රමාණයට කෝටුවකින් පොළවේ සැලැස්මක් ඇඳගන්න.
- අමුද්‍රව්‍ය සුලභතාවය මත ඉදි කරන ගොඩේ ප්‍රමාණය නිර්ණය කර ගන්න.
- අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම පළල අඩි 5 - 6 හා උපරිම දිග අඩි 14 - 15 ක් ලෙස සලකුණු කර ගන්න.
- අමුද්‍රව්‍ය සීමාසහිත නම් කුඩා ගොඩවල් සකස් කර ගන්න.
- කොළ අතු හෝ තණකොළ රොඩු අඟල් 9 - 10 ක පමණ තට්ටුවක් පොළවේ මතුපිට අතුරන්න.(පළමු තට්ටුව)
- කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙලවරෙන් අඟල් 3-4 ක් පිටතට සිටින සේ තැන්පත් කරන්න.
- එසේ සිදු කිරීමෙන් පළමු පෙරළීමට ප්‍රථම දඬු එළියට ඇද දැමීමට හැකි වේ.
- එමගින් දඬුවලින් කොළ එකිනෙක වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත.
- එය නිෂ්පාදන වියදම අඩු වීමට හේතු වේ.
- කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතු වීම වලකා ගත හැකි වේ.
- මේ හේතුව නිසා පළමු තට්ටුව ලෙස සත්ත්ව පොහොර නොයොදන්න.
මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී දෙවන තට්ටුව සකසා ගන්නා ආකාරය පිලිබද විස්තර සමගින් හමුවෙමු
Comments
Post a Comment