දිරාපත් කිරීම ඉක්මන් කිරීම
- දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දෑ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ ''මුහුන්'' යෙදීම දිරාපත් වීම ඉක්මන් කරනු ඇත.
- දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
- ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න.
- සත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න.
- සත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙන තට්ටු ලෙස තැන්පත් කරන්න.
මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් පොහොර නිපදවීීීීීමේදී තෙතමනය පවත්වා ගැනීම පිලිබද විස්තර සමගින් හමුවෙමු
Comments
Post a Comment