කොම්පෝස්ට් පොහොර නිපදවීීීීීමේදී පොහොර ගොඩ සකසා ගන්නා ආකාරය
ගොඩ සැකසීම තුන් වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ලෙස තැන්පත් කරන්න. තට්ටු 2 - 3 කට වරක් ''මුහුන්'' ඉසීම සිදු කරන්න. තට්ටු 3 - 4 කට වරක් රොක් පොස්පේට් ඉසීමද සිදු කරන්න. මේ ආකාරයට අමුද්‍රව්‍ය භාවිතා කර අඩි 5 - 5 පමණ උස් වන සේ ගොඩ සකස් කර ගන්න. ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කරන්න. ශාක අමුද්‍රව්‍ය තට්ටු 2-3 කට වරක් සත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යොදන්න. දින 7-8 කින් ගොඩේ උස අඩුවී ඇති බව පෙනේ. මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී පොහොර දිරාපත් කිරීම ඉක්මන් කිරීමට කල යුතු දේවල් පිලිබද විස්තර සමගින් හමුවෙමු