ගෝවා වගාව

ගෝවා (Cabbage)
උද්භිද විද්‍යාත්මක නම - බ්‍රසිකා ඔලෙරාසියා (Brassica oleracea)
කුලය
 - කෘසිපරේසියේ
නිර්දේශිත ප්‍රභේද
උඩරට තෙත් කලාපය
එක්සෝටික්කොල පැහැති ගෙඩිය සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි රවුම් හැඩයෙන් යුක්ත වේ. දින 80-85 දී අස්වැන්න නෙලාගත හැක.
හර්කියුලස්
කොලපාට ගොරෝසු පත්‍රවලින් යුත් ඉතාමත් තද ස්වභාවයක් සහිත රවුම් ගෙඩි වේ. දින 100-105 දී අස්වැන්න නෙලාගත හැකිය.

මැදරට
එක්සෝටික්
ගෙඩිය කොල පැහැ සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි සිට රවුම් හැඩයෙන් යුක්ත වේ.
ඒ.එස්. ක්‍රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත පැතලි ගෙඩි වේ.
කේ.වයි. ක්‍රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත රවුම් ගෙඩි වේ.
ග්‍රීන් හොට්
තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ.
ග්‍රෑන්ඩ් මොයිස්ට්තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ.

දේශගුණික අවශ්‍යතා 
ශීත දේශගුණයට ගෝවා භෝගය වඩාත් හොඳින් ඔරොත්තු දෙන අතර, වියළි කලාපයේද වගාකළ හැකිය. නමුත් විවිධ කෘමි පාරිසරික කලාපවලට නිර්දේශිත ප්‍රභේද වගාකළ යුතුවේ.
පස
පී.එච්. අගය 6-6.5 වන පස වගාව සඳහා ඉතාමත් සුදුසුය. ආම්ලික බව වැඩි වූ විට ගෝවා බරවා රෝගයට පාත්‍රවීමේ ඉඩකඩ වැඩි වේ. කාබනික ද්‍රව්යෙඅ අඩංගු සාරවත් පසක් වගාව සඳහා තෝරා ගන්න.
බිම් සැකසීම
සෙන්ටිමීටර් 30-40 ගැඹුරට පස පෙරලා හොඳින් බිම් සකස් කරන්න. ආම්ලික පසක් නම් හෙක්ටයාරයකට ටොන් 2 ක් පමණ අළුහුණු යෙදිය යුතුය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට ග්‍රෑම් 200 - 250 කි.
වගා පිළිවෙත්
පරතරය
ගෝවා වගාවෙහිදී භාවිතා කරන සම්මත වගා පරතරය සෙන්ටිමීටර් 50x40 කි. බොහෝ ගෝවා ප්‍රභේද මෙම පරතරය පවත්වාගත් විට කිලෝග්‍රෑම් 2-2 1/2 ප්‍රමාණයේ ගෙඩි ඇති කරයි. එහෙත් වෙළෙඳුන් හා පාරිභෝගිකයින්
වැඩි කැමැත්තක් දක්වන්නේ ග්‍රෑම් 750-1000 ප්‍රමාණයේ ගෙඩි වලට බව සමීක්ෂණ වලින් පැහැදිලිවී ඇත. මෙම ප්‍රමාණයේ ගෙඩි ලබා ගැනීම සඳහා පේළි අතර පරතරය සෙන්ටිමීටර් 40 හා පළල සෙන්ටිමීටර් 30 පවත්වා ගැනීම සුදුසුය.
පැළ සිටුවීම
සති 3-4 පමණ වයසැති නිරෝගී දිරිමත් පැළ ගලවා සවස් කාලයේදී සිටුවීම ඉතාමත් වැදගත්ය. පැළ සිටුවා දිනකට දෙවරක් ජලය යොදන්න.
පොහොර යෙදීම
- ආම්ලික පසක් නම් පැළ සිටුවීමට දින 14 කට පෙර අළුහුණු යොදන්න.
- පැළ සිටුවීමකට සතියකට පමණ පෙර කුකුල් පොහොර හෙක්ටයාරයකට ටොන් 10 වනසේ වලවල්වලට දමා පස් සමඟ
හොඳින් මිශ්‍ර කරන්න.
- පැළ සිටුවීමට දින 2 පමණ පෙර මූලික පොහොර වශයෙන් නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණය යොදන්න.
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා
යෙදිය යුතු කාලය
යූරියා කි.ග්‍රෑ/ හෙක්
ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ/ හෙක්
මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/ හෙක්
මූලික පොහොර
-
275
75
සති 2 දී
110
-
-
සති 5 දී
110
-
75
සති 8 දී
110
-
-
බදුල්ල හා සෙසු ප්‍රදේශ සඳහා
යෙදිය යුතු කාලය
යූරියා කි.ග්‍රෑ/ හෙක්
ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ/ හෙක්
මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/ හෙක්
මූලික පොහොර
110
275
75
සති 3 දී
110
-
-
සති 6 දී
110
-
75
ජල සම්පාදනය
පැළ සිටවූ මුල් දිනවල, දිනකට දෙවරක් බැගින් ජලය යොදන්න. ඉන්පසු දිනකට එක් වරක් ජලය සැපයීම සෑහේ.
එහෙත් වගාවට මාස 1 1/2 පමණ වූ අවස්ථාවේ සිට (ගෙඩි හට ගැනීම සහ විශාලවන අවස්ථාවේදී) ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා දීමට වගබලා ගන්න.
වල් පැළෑටි පාලනය
වල් මර්දනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මතුපිට පොහොර යෙදීමට පෙර වල්පැළ ඉවත් කරන්න.
අස්වනු නෙළීම
ප්‍රභේදය අනුව අස්වනු නෙලීමේ කාලය වෙනස් වේ (දින 90-110 අතර). ප්‍රමාණයට වඩා මේරීම නිසා ගෙඩි පුපුරන බැවින් අස්වනු නෙලීමට සුදුසු තත්ත්වයට පත් වූ විට නෙලාගත යුතුවේ. උදේ වරුවේ අස්වනු නෙලිය යුතු අතර, තද හිරු එළිය ඇතිවිට අස්වනු නෙලීම නුසුදුසුය. ගෙඩියට හානි නොවන සේ පිටතින් ආවරණ පත්‍ර 2-3 සමඟ ප්‍රවේශමෙන් නෙලා ගන්න.

අස්වැන්න

සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 40 පමණ වේ.

Comments

Popular posts from this blog

කොමඩු වගාව

ගොඩ ක්‍රමය හා ගොඩ ක්‍රමයේ වාසි