කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය
ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම
ගොඩ ක්‍රමය
ගොඩ ක්‍රමය කොම්පෝස්ට් නිපදවීමේදී අනුගමනය කළ යුතු වැදගත් ක්‍රමය ලෙස සැලකේ.වෙනත් ක්‍රම හා සැසදීමේදී මෙහි ප්‍රයෝජන ගනණාවක් දක්නට ලැබේ.
ගොඩ ක්‍රමයේ වාසි :
මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වය සඳහා කරුණු ගණනාවක් නිසා පහසු , ලාභදායි හා සාර්ථක ක්‍රමය වන ගොඩ ක්‍රමය අනුගමනය කිරිම වැදගත්ය.ගොඩ ක්‍රමයේදී නිපදවන ගොඩේ ප්‍රමාණය අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.ගොඩ ක්‍රමයේදී දිරාපත් වීම හොඳින් සිදු වීමට ගොඩේ පළල වැඩි කර ගැනීම නොකළ යුතුය .එසේම ,ගොඩේ උස වැඩි කර ගැනීමෙන් ගොඩේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරිමේ අපහසුතා ඇති වේ.නමුත් ගොඩේ දිග අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.එය නිෂ්පාදන ක්‍රියාවලියට එතරම් බලනොපානු ඇත.
ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනයේ පියවර
කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු
නිපදවන ස්ථානය සකස්කර ගැනීම
අමුද්‍රව්‍ය සපයා ගැනීම
නිපදවන ආකාරය
පළමු තට්ටුව
දෙවන තට්ටුව
තුන් වන තට්ටුව
ගොඩ සැකසීම
දිරාපත් කිරීම ඉක්මන් කිරීම
තෙතමනය පවත්වා ගැනීම
ගොඩ ආවරණය කිරීම
ගොඩේ තෙතමනය පරීක්ෂා කිරීම
පළමු පෙරළීම
දෙවන පෙරළීම
තුන්වන පෙරළීම
නිෂ්පාදනය කල කොම්පෝස්ට් හි තෙතමනය පරීක්ෂා කිරීම
වල ක්‍රමය
වල ක්‍රමය :
ග්‍රාමීයව කොම්පෝස්ට් නිපදවා ගැනීමේදී සමහර ගොවීන් මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.එසේම ගෙවතු ආශ්‍රිතව ද බොහෝ විට වල ක්‍රමය උපයෝගී කර ගනු ලබන බව දැකගත හැකි වේ.කෙසේ නමුත් , මෙය ගොඩ ක්‍රමය හා සැසදීමේදී සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.මෙම ක්‍රමයේ විවිධ ගැටළු දක්නට ලැබේ.
වල ක්‍රමයේ අවාසි :
මෙම හේතු නිසා කොම්පෝස්ට් නිපදවීමේදි වල ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.
බැරල් ක්‍රමය :
බැරල් ක්‍රමය කුඩා පරිමාණයේ ගෙවතුවල කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගත හැකි ක්‍රමයකි.මෙය විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩ ප්‍රමාණයක් ඇති පෙදෙසක යෝග්‍ය වේ.කෙසේ නමුත් වැඩි ප්‍රමාණ වලින් කොම්පෝස්ට් නිපදවීමට මෙය සුදුසු ක්‍රමයක් නොවේ.මේ සදහා සිමෙන්ති , යකඩ හා ප්ලාස්ටික් බැරල් භාවිතා කරනු ලැබේ.මෙම ක්‍රමයේ වාතාශ්‍රය සදහා බැරල්හි බඳේ සිඳුරු සාදනු ලබන අතර , එමගින් දිරාපත්වීම ඉක්මන් කළ හැකිය.
බැරල් ක්‍රමයේ වාසි :
බැරල් ක්‍රමයේ අවාසි:
කෝටු රාමු ක්‍රමය
කෝටු රාමු ක්‍රමය:
කෝටු රාමු ක්‍රමය බොහෝ විට කුඩා ගොවිපල වල හෝ ගෙවතු වල භාවිතා කරන ක්‍රමයකි.දිනපතා අපද්‍රව්‍ය එකතුවන ගොවිපල වල හෝ ගෙවතු වලට කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්ට් නිපදවා ගැනීමට පමණක් මෙම ක්‍රමය භාවිතා කල හැකිය.
කෝටු රාමු ක්‍රමයේ වාසි :
මෙම ක්‍රමය කුඩා ගොවිපලවලට හා ගෙවතුවලට තම අවශ්‍යතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනීමට අනුගමනය කළ හැකිය.මෙහි ඇති ප්‍රධාන වාසිය නම් දිනපතා අමුද්‍රව්‍ය ජනිත වන ස්ථාන සඳහා එම අමුද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවේදීම කොම්පෝස්ට් නිෂ්පාදනය සදහා භාවිතා කිරිමට ඇති හැකියාවයි.
කෝටු රාමු ක්‍රමයේ අවාසි :
Comments
Post a Comment