ඩ්‍රැගන් ෆෘට් වගාව
ප්‍රභේද
කැක්ටේසියේ කුලයේ හයිලොසෙරස් විශේෂ (Hylocereusspp) හා සෙලිනිසෙරස් විශේෂ (Selenicereusspp) වල ප්‍රභේද හා දෙමුහුන් ප්‍රභේද ලෝකයේ විවිධ රටවල ආර්ථික වගා ලෙස විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereusundatus) ය.
හයිලොසෙරස් අන්ඩේටස්
ඵලයේ පොත්ත රතුපාටය. මදය සුදු පාට වන අතර විනිවිද පෙනේ.
කදේ කටු අඩුය.
ඩ්‍රැගන් පෘට් (Dragon Fruit), පිතායා (Pitaya) ස්ටෝබෙරි පෙයාස්, (Strawberry Pear) යන නම් වලින්ද සදහන් වන්නේ මෙම විශේෂයයි.
හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus Polyrhizus)
මෙහි ඵලයේ බර කිලෝ ග්‍රෑම් 1 පමණ වන අතර එහි පොත්ත රතුපාටය.
මදය තද රතුපාටය.
කදේ කටු වැඩිය.
සෙලිනිසෙරස් මෙගලින්තස් (Selenicereus megalanthus)
මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහපාටය. මදය සුදු පාටය.
කහ පිතායා (Yellow Pitaya) ලෙස මෙය හදුන්වයි.
ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසිරුණු කුඩා කළුපාට ඇට ඇත.
දේශගුණික අවශ්‍යතා
ඩ්‍රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත.
නමුත් වගාවට වඩාත් උචිත වන්නේ 20 - 30 oCඋෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි. එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 - 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ.
පස හා ජලය
ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය. එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 - 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ.
බිම් සැකසීම
එක් එක් පැළයක් සඳහා කණුවක්ද මුදුනෙහි ආධාරකයක් සඳහා සැකිල්ලක්ද තිබිය යුතුවේ. මෙම ශාකයෙහි ජීවිත කාලය වසර 25 - 30 ක් පමණ වන බැවින් මෙම කණුව හා ආධාරකයේ කල් පැවැත්ම ඉතා වැදගත් වේ.
මීටර් 2x2, 2x3 හෝ 3x3 පරතරයට, දිග පළල ගැඹුර අඩි 2x2x1 වළවල් කපා ගත යුතුයි. එම වළ මැද සිට කණුව සිටුවීම සඳහා තවදුරටත් අඩි 1x1x1/2 ගැඹුරට වළක් කපා ගත යුතුයි. අඩි 7 1/2 උස හා අඟල් 4-6 ක විශ්කම්භයෙන් යුත් කොන්ක්‍රීට් කණුව වලේ මැද ඇති කුඩා වලෙහි තබා එම කුඩා වළ පමණක් පිරෙන තුරු (අඩි 1/2) කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආධාරකය සිටුවා ගත යුතුවේ.
1. මිලි මීටර් 12 කම්බි 2ක් කොන්ක්‍රීට් කනුවේ මුදුනත එකිනෙකට ලම්භකව සවිකිරීමෙන් තැනූ ආධාරකය මත තබන ලද බාගෙට කැපූ ලොරි හෝ බස් ටයරයක් යොදාගෙන පන්දලම සාදා ගන්න.
2. මෝටර් බයිසිකල් ටයරයක් භාවිතා කර සෑදූ පන්දලමක්
මෙහිදී ටයරය ඇතුළතින් වටේට යෙදූ කම්බියක් හා එකිනෙකට ලම්භකව යෙදූ කම්මි 2කින් කොන්ත්‍රීට් කණුවට සම්බන්ධ වේ
3. කොන්ක්‍රීට් වලින් තනන ලද කොන්ක්‍රීට් පන්දලම වඩාත් ශක්තිමත් අතර නැවත භාවිතයටද ගත හැක. නමුත් මෙම පන්දලම සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වේ.
රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම
සිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක.
1. දඩු කැබලි පැල කිරීමෙන් - සාමාන්‍යයෙන් පැල නිපදවාගන්නේ මෙම ක්‍රමයෙනි.
දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීම

තෝරාගත් ඵල දරණ මව්ශාකවලින් දඩු ගබාගත යුතුය.
මේවා සෙ.මී. 15 - 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින 1 - 2 පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය.
ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ. බදුන් පිරවීම සදහා වියලි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය. මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ.
දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී.
ඵල දරණ ගස් සඳහා පොහොර
ඵල දරණ ගස් සඳහා පොහොර යෙදීමේදී අඩු නයිට්‍රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබාගැනීම වැදගත්ය. මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න.
කැක්ටේසියේ කුලයේ හයිලොසෙරස් විශේෂ (Hylocereusspp) හා සෙලිනිසෙරස් විශේෂ (Selenicereusspp) වල ප්‍රභේද හා දෙමුහුන් ප්‍රභේද ලෝකයේ විවිධ රටවල ආර්ථික වගා ලෙස විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereusundatus) ය.
හයිලොසෙරස් අන්ඩේටස්
මෙය විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය.
ඉදුණු ඵලය කිලෝ ග්‍රෑම් 1 ක් හෝ ඊට වැඩිය.ඵලයේ පොත්ත රතුපාටය. මදය සුදු පාට වන අතර විනිවිද පෙනේ.
කදේ කටු අඩුය.
ඩ්‍රැගන් පෘට් (Dragon Fruit), පිතායා (Pitaya) ස්ටෝබෙරි පෙයාස්, (Strawberry Pear) යන නම් වලින්ද සදහන් වන්නේ මෙම විශේෂයයි.
හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus Polyrhizus)
මෙහි ඵලයේ බර කිලෝ ග්‍රෑම් 1 පමණ වන අතර එහි පොත්ත රතුපාටය.
මදය තද රතුපාටය.
කදේ කටු වැඩිය.
සෙලිනිසෙරස් මෙගලින්තස් (Selenicereus megalanthus)
මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහපාටය. මදය සුදු පාටය.
කහ පිතායා (Yellow Pitaya) ලෙස මෙය හදුන්වයි.
ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසිරුණු කුඩා කළුපාට ඇට ඇත.
දේශගුණික අවශ්‍යතා
ඩ්‍රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත.
නමුත් වගාවට වඩාත් උචිත වන්නේ 20 - 30 oCඋෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි. එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 - 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ.
පස හා ජලය
ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය. එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 - 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ.
බිම් සැකසීම
එක් එක් පැළයක් සඳහා කණුවක්ද මුදුනෙහි ආධාරකයක් සඳහා සැකිල්ලක්ද තිබිය යුතුවේ. මෙම ශාකයෙහි ජීවිත කාලය වසර 25 - 30 ක් පමණ වන බැවින් මෙම කණුව හා ආධාරකයේ කල් පැවැත්ම ඉතා වැදගත් වේ.
මීටර් 2x2, 2x3 හෝ 3x3 පරතරයට, දිග පළල ගැඹුර අඩි 2x2x1 වළවල් කපා ගත යුතුයි. එම වළ මැද සිට කණුව සිටුවීම සඳහා තවදුරටත් අඩි 1x1x1/2 ගැඹුරට වළක් කපා ගත යුතුයි. අඩි 7 1/2 උස හා අඟල් 4-6 ක විශ්කම්භයෙන් යුත් කොන්ක්‍රීට් කණුව වලේ මැද ඇති කුඩා වලෙහි තබා එම කුඩා වළ පමණක් පිරෙන තුරු (අඩි 1/2) කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආධාරකය සිටුවා ගත යුතුවේ.
| පරතරය (මීටර්) | කණු ගණන හෙක්. 1ට (පැළ 3 බැගින් කණුවකට) | කණු ගණන අක්. 1ට (පැළ 3 බැගින් කණුවකට ) |
| 2 x 2 | 2500 (පැළ 7500) | 1000 (පැළ 3000) |
| 3 x 3 | 1100 (පැළ 3300) | 440 (පැළ 1320) |
| 2 x 3 | 1666 (පැළ 4998) | 666 (පැළ 1998) |
1. මිලි මීටර් 12 කම්බි 2ක් කොන්ක්‍රීට් කනුවේ මුදුනත එකිනෙකට ලම්භකව සවිකිරීමෙන් තැනූ ආධාරකය මත තබන ලද බාගෙට කැපූ ලොරි හෝ බස් ටයරයක් යොදාගෙන පන්දලම සාදා ගන්න.
2. මෝටර් බයිසිකල් ටයරයක් භාවිතා කර සෑදූ පන්දලමක්
මෙහිදී ටයරය ඇතුළතින් වටේට යෙදූ කම්බියක් හා එකිනෙකට ලම්භකව යෙදූ කම්මි 2කින් කොන්ත්‍රීට් කණුවට සම්බන්ධ වේ
3. කොන්ක්‍රීට් වලින් තනන ලද කොන්ක්‍රීට් පන්දලම වඩාත් ශක්තිමත් අතර නැවත භාවිතයටද ගත හැක. නමුත් මෙම පන්දලම සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වේ.
රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම
සිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක.
1. දඩු කැබලි පැල කිරීමෙන් - සාමාන්‍යයෙන් පැල නිපදවාගන්නේ මෙම ක්‍රමයෙනි.
2. බීජ පැල - බීජ පැල කිරීමෙන්ද පැල නිපදවාගත හැකි වුවද ආර්ථික වගාවන්ට මේවා යොදාගනු නොලැබේ. හේතුව ඵල හටගැනීමට දිගු කාලයක් ගතවීමත් මව් ශාකයේ තිබුණු ලක්ෂණ පැලවල වෙනස් විය හැකි නිසාත්ය.
දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීම
තෝරාගත් ඵල දරණ මව්ශාකවලින් දඩු ගබාගත යුතුය.
මේවා සෙ.මී. 15 - 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින 1 - 2 පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය.
ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ. බදුන් පිරවීම සදහා වියලි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය. මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ.
දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී.
සිටුවීම
මුල් ඇද්දවු දඩු කැබලි සිටුවීම සදහා මීටර් 2 x 2 පරතරයට සෙ.මී. 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් කපාගත යුතුය. එම වලවල් මතුපිට පස්, දිරූ ගොම හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 - 15 හා සුපර් පොස්පේට් ග්‍රෑම් 100 සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටවනු ලැබේ. පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1 - 2 දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක් ද කලවම්කර වල පුරවාගන්න.
ගස් පුහුණු කිරීම
මෙම ශාකය අධාරකයක උපකාරයෙන් ඉහලට වැඩෙන නිසා පැලය ආසන්නයේ 5' - 6' උස ලී හෝ කොන්ක්‍රීට් කනුවක් සිටුවිය යුතුය. වැඩෙන කද කනුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය. කදේ වැඩෙන වායව මුල් මගින් ශාකය ආධාරකයට තදින් අල්ලා ගැනීම සිදුවේ. ඉහලට වැඩෙන කදෙන් හටගන්නා පාර්ශ්වික කදන් සීමා කලයුතු අතර ප්‍රධාන ප්‍රධාන කදන් 2/3 පමණක් වැඩීමට ඉඩදේ. එනිසා කනුව මත වැඩෙන ප්‍රධාන කදන් වල පහත පාර්ශ්වික කදන් වරින් වර ඉවත් කලයුතුය.
ආධාරකයේ මුදුනේ 2' පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගතයුතු අතර කනුවට උඩින් වැඩී පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පදුරක් ලැබෙන ලෙස පුහුණුකර ගත යුතුය.
මල් හටගැනීම

ඩ්‍රැගන් පෘට් වල මල රාත්‍රීයට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය. පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ. අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ.

මලෙහි සුන්දරත්වය නිසා Queen of night, Moon flower, Nobal woman ආදී අන්වර්ථ නාම වලින් එය හදුන්වනු ලැබේ.
ඵල හටගැනීම
ඩ්‍රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 - 35 දී ඵල මේරීම සිදුවේ. ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 - 6 වතාවක් ඵල නෙලාගත හැක.
නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ. මෙම පැහැයට හැරී දින 4 - 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වුවත් අපනයනය කිරීමේදී රතු පාටට හැරී දිනකට පසු ඵල නෙලා ගැනීම සුදුසුය. අප රටේ අතරමැදි කලාපයේදී ඵලයක බර ග්‍රෑම් 300 - 600 පමණ වේ. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,000 පමණ වේ.

පොහොර යෙදවීම
ඩ්‍රැගන් පෘට් වනාශ්‍රිත පතොක් කුලයේ ශාකයක් නිසා කාන්තාර තත්ත්ව යටතේ වැඩෙන පතොක් ශාක වලට වඩා පොහොර හා ජලය යෙදීම අවශ්‍යය. මෙම බෝගය වගා කිරීම සදහා යොමුවුයේ මෑතකදී නිසා එයට අවශ්‍ය පොහොර තවම නිර්දේශ කර ඇත. නමුත් පහත පොහොර ප්‍රමාණයන් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
කාබනික පොහොර
ඩ්‍රැගන් පෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය. එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය.
රසායනික පොහොර
ඵල නොදරන මුල් කාලයේදී පොහොර යෙදීම. පැල සිටුවා මාසයකට පසු හා සෑම මාස 04 කට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න.
ඩ්‍රැගන් පෘට් වනාශ්‍රිත පතොක් කුලයේ ශාකයක් නිසා කාන්තාර තත්ත්ව යටතේ වැඩෙන පතොක් ශාක වලට වඩා පොහොර හා ජලය යෙදීම අවශ්‍යය. මෙම බෝගය වගා කිරීම සදහා යොමුවුයේ මෑතකදී නිසා එයට අවශ්‍ය පොහොර තවම නිර්දේශ කර ඇත. නමුත් පහත පොහොර ප්‍රමාණයන් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
කාබනික පොහොර
ඩ්‍රැගන් පෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය. එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය.
රසායනික පොහොර
ඵල නොදරන මුල් කාලයේදී පොහොර යෙදීම. පැල සිටුවා මාසයකට පසු හා සෑම මාස 04 කට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න.
ඵල දරණ ගස් සඳහා පොහොර
ඵල දරණ ගස් සඳහා පොහොර යෙදීමේදී අඩු නයිට්‍රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබාගැනීම වැදගත්ය. මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න.
වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 225 බැගින් වැඩිකරමින් කිලෝ 1 1/2 ක් උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න.
ජල සම්පාදනය
හොද අස්වැන්නක් ලබාගැනීමට වියලි කාලයේදී ජලය සම්පාදනය කිරීම අවශ්‍යය. එසේම වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යය.

අස්වනු නෙළීම
පරාගනය සිදුවී දින 40 - 50 අතර කාලයකදී උපරිම ලෙස මේරූ පසුව අස්වනු නෙලා ගත යුතුය.
ඵල මෝරන විට ඵලයේ පිටත ඇති පිහාටු වැනි කොටස් ක්‍රමයෙන් කුඩා වේ. මෙම තත්ත්වයට පත්වූ ඵල නෙලා ගැනීම සුදුසු වේ. අස්වනු නෙලීම සඳහා මල් කතුරක් (සෙකටියර්) භාවිතය වඩා උචිතය

ගබඩා කිරීම
ඩ්‍රැගන් පෘට් ඵලය 5 oC හා 90% HR යටතේ දින 40 පමණ ගබඩාකර තැබිය හැක. මෙයට වඩා ඉහල උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් ඵලයේ ගුණත්වය සීඝ්‍රයෙන් පහත වැටේ.

Comments
Post a Comment