ගෝවා වගාව
ගෝවා ( Cabbage) උද්භිද විද්‍යාත්මක නම - බ්‍රසිකා ඔලෙරාසියා (Brassica oleracea) කුලය - කෘසිපරේසියේ නිර්දේශිත ප්‍රභේද උඩරට තෙත් කලාපය එක්සෝටික් කොල පැහැති ගෙඩිය සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි රවුම් හැඩයෙන් යුක්ත වේ. දින 80-85 දී අස්වැන්න නෙලාගත හැක. හර්කියුලස් කොලපාට ගොරෝසු පත්‍රවලින් යුත් ඉතාමත් තද ස්වභාවයක් සහිත රවුම් ගෙඩි වේ. දින 100-105 දී අස්වැන්න නෙලාගත හැකිය. මැදරට එක්සෝටික් ගෙඩිය කොල පැහැ සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි සිට රවුම් හැඩයෙන් යුක්ත වේ. ඒ.එස්. ක්‍රොස් දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත පැතලි ගෙඩි වේ. කේ.වයි. ක්‍රොස් දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත රවුම් ගෙඩි වේ. ග්‍රීන් හොට් තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ. ග්‍රෑන්ඩ් මොයිස්ට් තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ. දේශගුණික අවශ්‍යතා ශීත දේශගුණයට ...