Posts

Showing posts from November, 2020

ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී පොහොර දිරාපත් කිරීම ඉක්මන් කිරීමට කල යුතු දේවල්

  දිරාපත් කිරීම ඉක්මන් කිරීම දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දෑ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ ''මුහුන්'' යෙදීම දිරාපත් වීම ඉක්මන් කරනු ඇත. දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ. ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න. සත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න. සත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙන තට්ටු ලෙස තැන්පත් කරන්න. මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් පොහොර නිපදවීීීීීමේදී  තෙතමනය පවත්වා ගැනීම  පිලිබද විස්තර සමගින් හමුවෙමු